අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතේ රජරට සොබා සෞන්දර්යයෙන් අනූන වූ, මහා පැරකුම්බාවන්ගේ පෞරුෂය ජීවමාන කරන, මහා පරාක්‍රම සමුද්‍රයේ සිහිල් දිය දහරින් ආර්ද්‍රව, සෝමාවතී රක්ෂිතයට මායිම්ව පිහිටි අප විදයාලය නැණ ගුණ සපිරි ලොව අරුමැසි රටා වියමන් හඳුනා ගත් දහස් ගණනක් පුරවැසියන් රටට දායාද කළ කීර්තිමත් විදු මාතාවකි.
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යමින් පොලොන්නරුව අධ්‍යාපන කලාපයේ ලංකාපුර අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රධානම පාසල අප පාසලයි.







