- 1952 වර්ෂයේදී සෝමාවතී රක්ෂිතයට මායිම්ව ආරම්භ කල BOP 400 පුලස්තිගම ජනපදයේ මුල් ජනපදිකයන් වූයේ, සිංහල හා මුස්ලිම් ජනතාවයි. මෙම ප්‍රදේශවාසීන්ගේ දුවා දරුවන්ට ශිල්ප ලබා දීම සඳහා විජිත විද්‍යාලය ආරම්භය 1953-09-01 වර්ෂයේ ආර්. නාගසිංහ මුල් ගුරුතුමා යටතේ ශිෂ්‍යයින් 49 දෙනෙකුගෙන් පාසල ආරම්භ වූයේ ද්විභාෂා පාසලක් ලෙසිනි.
- 1961 ජනවාරි මාසයේ සා.පෙළ පන්ති ආරම්භ වීම හා BOP 400 මහා විද්‍යාලය ලෙස නම් කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගත හැකිය. එසේ ගමන් ආරම්භ කල විද්‍යාලය 1961 මැයි මස 04 දින විජිත විද්‍යාලය ලෙද නම් වීම විද්‍යාලයේ සුවිශේෂි අවස්ථාවකි. එතැන් සිට විජිත විදු මාතාව පියවරෙන් පියවර තම ගමන් මඟ ශක්තිමත් කර
ගනිමින් ඉදිරියට ගමන් කරන්නට විය. - 1965 වර්ෂයේදී පාසලට ක්‍රීඩා පිටියක් ලැබීම තුලින් විජිත දරුවන්ගේ ක්‍රීඩා කුලසතා ඔප් නංවා ගැනීමට මහත් පිටුවහලක් විය. උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල් වලට සිසුන් ඇදී ගිය අතර 1966 වර්ෂයේ උසස් පෙළ කලා විෂය ධාරාවෙන් පන්ති ආරම්භයත් සමඟ අංග සම්පූර්ණ ඉගෙනුම් ක්‍රියාවලියකින් යුක්ත පාසලක් බවට විජිත විද්‍යාලය පත් විය. ලද ක්‍රීඩා පිටියේ අග්‍ර ඵලය ලෙස ක්‍රිස්තු වර්ෂ 1970දී ක් මලල ක්‍රීඩා උලෙල පැවැත්වීමට හැකි විය.
- 1972පෙබරවාරි මස 11වන දින සිට විද්‍යාලය නව පරිච්ජේදය ආරම්භ කරමින් විජිත මහ විද්‍යාලය බවට උසස් විය. එතන් පටන් සිසු ජයග්‍රහන හරහා විද්‍යාලයට ගෞරවනීය බවක් ගෙන දෙමින් 1976 පැවතී මාණ්ඩලික ක්‍රීඩා තරගයෙන් 19න් පහල හා15 පහල අත්පන්දු තරගයෙන් ප්‍රථම ස්ථාන ලැබ සමස්ථ ලංකා තරග සදහා සහභාහගෛ විමට වරම් හිමි විය. විජිත මහා විද්‍යාලය භෞතික සම්පත් අතින්ද ක්‍රමානුකූලව සංවර්ධනය වීම අරම්භ විය.
- 1979දී පාසල් ප්‍රාවගේ සහභාගීත්වයෙන් අඩි 150 × 20 පංති කාමරයක් ඉදි කරන ලදි. මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රිස්තු වර්ෂ 1980 දෙමහල් ගොඩනැගිල්ලක් ලැබීමත් සමග විද්‍යලයේ බාහිර පෙනුමද වර්ධනය විය.
- 1986 දී විජිත මහා විද්‍යාලය පුලස්තිම කලාපයේ පර්ශද මූලස්ථානය බවට පත් වීම තුල පෝෂක ප්‍රදේශයේ සිසු දෙමාපිය අවධානය දිනා ගනිමින් ජනප්‍රිය හා ගුණාත්මක පාසලක් බවට පත්වන පෙරමං ලකුණු පහළ විය. එතැන් සිට ලංකාපුර කොට්ඨාශයේ ප්‍රධාන පාසල බවට විජිත මහා විද්‍යාලය පත්වෙමින් අනෙක් පාසල් වලටද සහය දක්වමින් ඉදිරියටම ගමන් කලේ ය. ප්‍රදේශයේ පාසල් 15ක් සම්බන්ධ කර ගනිමින් කොට්ඨශ ක්‍රීඩා උළෙලක් සාර්ථකව පවත්වා අවසන් කිරීම තුලින් තමා සතු සංවිධාන ශක්තිය මනාව පිළිඹිබු කලේය.
- 1992 වර්ෂය තුල විජිත විදු මාතාව තවත් සුවිශේෂී කඩයිමක් පසු කරමින් මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් විය. ඒ හරහා විවිධ ව්‍යාපෘති මගින් විද්‍යාලය තුල භෞතික සම්පත් සංවර්ධනය වීම වේගවත් විය.
- 1996 උසස් පෙළ විද්‍යාව අංශය ආරම්භ වීම හරහා පෝෂක ප්‍රදේශයේ දරුවන්ට උසස් පෙළ විෂය ධාරාවන් සියල්ල එකම වහලක් යට හැදෑරීමේ අවස්ථාව උදා විය.
- 2003 වර්ෂෂයදක්වා පැමිණි ගමන් මග තුල විජිත මධ්‍ය මහා විද්‍යාලය හාත්පස සිසු දරුදැරියන්ට සෙවණ සදන මහා වෘක්ෂයක් වෙමින් වර්ධනය විය. 2003 වර්ෂයේ 50 වන සංවත්සරය දෙමාපිය ආදි ශිෂ්‍ය සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීම විද්‍යාලය ලැබූ ජයග්‍රහණයකි.
- 2009 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉසුරු පාසල්ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 350 මුදල් ප්‍රතිපාදන ලබා දීමත් සමඟ විද්‍යාලය තවත් සංවර්ධනය විය. අද වන විට විජිත මධ්‍ය මහා විද්‍යාලය 6- 13 ශ්‍රේණි පමණක් පවත්වන ද්විතියික පාසලක් බවට පත්වී ඇත.
- 2015 -2020 පිබිදෙමු පොලොන්නරුව ජනපති වැඩසටහන හරහාද භෞතික සම්පත් තව දුරටත් සංවර්ධනය විය. වර්ථමානය වන විට 1100ට ආසන්න සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන පිපාසය සංසිදුවන තෝතැන්නක් බවට විජිත මධ්‍ය මහා විද්‍යාලය පත් වී ඇත.