ගුරුළුගෝමි විදු සක්විති පඬුවන්
විජයභාහු පැරකුම් නර විරුවන්
දිනූ රජ රටේ පුලතිසි පුරයේ
විජිත මගේ විදුහල් මවුනි...//
නිමල හදේ යහගුණදම් වඩවා
විදු නුවණින් නුවනැස හෙළි කරවා
වීර දූ පුතුන් බිහි කරවනු මැන
විජිත මගේ විදුහල් මවුනි...//
ගුරුළුගෝමි විදු සක්විති පඬුවන්...//
මාතෘ භූමියේ ජය දද නංවා
දෑ අභිමානය මල් ඵල ගන්වා
පුරපස සඳ සේ නීලාකාසේ
වොරැඳේවා හෙල අඹරෙහි සැමදා...//
ගුරුළුගෝමි විදු සක්විති පඬුවන්....//