විදුහල්පති පණිවිඩය

1953-09-01 දින ආරම්භ කරන ලද විජිත විද්‍යාලය මේ දක්වා පැමිණි ගමන් මග පිළිබදව ඇත්තේ නිහතමානි සතුටකි. මේ කාලය පුරාවට විවිධ වෙනස්කම් හා සංවර්ධනයන්ට ලක්වෙමින් විජිත මධ්‍ය මහා විද්‍යාලය බවට පත්වු විජිතය වර්තමානය වන විට ජාතික පාසලක් දක්වා වර්ධනය වී ඇත. සතර දෙසින් පැමිණෙන සිසු දරු දැරියන්ගේ සිප් පහස නිවාලන්නට විජිත ජාතික පාසලට හැකියාව ලැබී ඇත. මේ වන විට අ.පො.ස සා/පෙළ හා උසස් පෙළ පමණක් නොව විෂය සමගාමි ක්‍රියාකාරකම් වලින්ද විශිෂ්ඨ ප්‍රතිඑල ලබා ගනිමින් පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ පමණක් නොව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මෙන්ම ජාතික මට්ටමේද ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. ඒ සදහා කැප වු දක්ෂ ඇදුරු මඩුල්ලක්ද විජිත විද්‍යාලය සතු වන අතර ඒ සියළු දෙනාගේ මෙන්ම පාසල් විධායක කමිටුවේ හා පාසල් ප්‍රජාවගේ කැපවිම හා මැදිහත් විමද ඉතා අගය කරමි.
කේ.එම්.එන්.ඒ.සේනානායක
පො/විජිත මධ්‍ය මහා විද්‍යාලය